මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!
මේ වනවිටත් මැතිවරණ කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් නොකිරීම ඇතුළු වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කරගැනීම සඳහා හෙට මැතිවරණ කොමිසමට සියලුම පක්ෂ ලේකම්වරු කැඳවා තිබේ.
පළාත් පාලන මැතිවරණය පවත්වනවා ගෙන යෑමට නොහැකිවන සේ මතුවී ඇති බාධක පිළිබඳව පුලුල් ලෙස සාකච්ඡා කර දැනුම්දීම මෙම කැඳවීමේ දී සිදුවනු ඇත.
තවමත් මැතිවරණ කොමිසම විසින් මූලික වියදම් සඳහා ඉල්ලා ඇති මිලියන 750න් නිකුත් කර ඇත්තේ මිලියන 100ක් පමණක් බවත්, එය මේ මෙහොතේ කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.
මේ උද්ගතවී ඇති ප්‍රශ්නය සම්බන්ධව දැනුම් දී තීරණයක් ගැනීමට නියමිතව ඇත.
මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!
2023-02-12T14:43:00+05:30
Gossip Lanka Hot News






