රෝහල්වල අත්‍යවශ්‍ය නැති ශල්‍යකර්ම නවතා දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ…
රජයේ රෝහල්වල සිදු කිරීමට සැලසුම් කර ඇති අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙනු දැනුම් දී තිබේ.
වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය හැකි ශල්‍යකර්ම මෙසේ ප්‍රමාද කරන්නැයි උපදෙස් දුන් බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කෙසේ වෙතත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කලේය.
ශල්‍යකර්මවලට අවශ්‍ය නිර්වින්ද ඖෂධ හා ශල්‍ය උපකරණ දැඩි හිගයක් මේ වන විට රෝහල් පද්ධතිය තුල ඇති වී තිබේ.
රෝහල්වල අත්‍යවශ්‍ය නැති ශල්‍යකර්ම නවතා දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ…
2023-02-12T14:33:00+05:30
Gossip Lanka Hot News






