gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 04ක් තිස්සෙ ආරක්ෂාව ඉල්ලාව... මේ ඉල්ලන්නෙ අන්තිම පාරට...මා ඝාතනය වුනොත් එහි වගකීම රජය භාරගත යුතුයි - අම්පිටියේ සුමනරතන හිමි

නැගෙනහිර පළාතේ සිදු කරන පොදු සමාජීය හා ජාතික සේවාව සැලකිල්ලටගෙන තමන්ට වහාම අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියෝ අද (14) දහවල්   මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසූහ.

මඩකලපුව කෙවිලියාමඩුව විහාරස්ථානයේදී ඊයේ (13) අලුයම උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන්  අනතුරුව පොලීසියෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කළද කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති බැවින් තමන්ට තවදුරටත් විහාරස්ථානයේ වැඩ සිටීම ආරක්ෂාවට තර්ජනයක් බවත්, විහාරස්ථානයට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට රජය වහාම පියවර ගත යුතු බවත්, ජීවිතයට යම්කිසි හානියක් සිදුවුවහොත් එය රජය භාරගත යුතු බවත්අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

පොදු සමාජ ක්‍රියාවලිය නිරත වන බැවින් තමන්ට සතුරන් වැඩි බවත්, මෙම තත්ත්වය පදනම් කරගනිමින් වසර කිහිපයක සිට තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙස පොලිස්පතිතුමාගේ සිට උසස් ආරක්ෂක අංශය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එය ඉටු නොවුන බවත් උන්වහන්සේ කීහ.

රජයේ ප්‍රබල ඇමතිවරයෙකු තමා පොලිස් නිලධාරියෙකුට පහර දුන්නැයි   පවසමින් ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද, එසේ පහර දී ඇත්නම් පරීක්ෂණයක් සිදුකර ලෙසද, සිද්ධිය පදනම් කරගනිමින් තමන්ට ආරක්ෂාව ලබා නොදෙන බවද අම්පිටියේ සුමනරතන නාහිමියෝ  මෙහිදී අනාවරණය කළහ.

නැගෙනහිර පළාතේ සිංහල, බෞද්ධ ජනතාවගේ සංස්කෘතිය, හා අයිතිය පිළිබඳ කතා කරමින් තමන් වහන්සේ දැඩි අරගලයක නිරත වන නිසා බොහෝ පිරිසකට එය ඔවුන්ගේ කටයුතුවලට බාධාවක් බව සුමනරතන හිමියෝ කීහ.

බැවින් තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කරන බවට සැකයක් පවතින්නේ යැකි කී උන්වහන්සේ නැතිනම් මෙය තමන්ට වෙඩිතබා බිය ගන්වා  නැගෙනහිර පළාතෙන් පලවා  හැර ජාතිවාදීන්ගේ අභිලාෂයන් සපුරා ගැනීමේ   සූදානමක් විය හැකි බව   පැවසූහ.

රජය තමන් වෙත  ආරක්ෂාව නොදීමෙන්  නැගෙනහිර පළාතේ බෙදුම්වාදී, ජාතිවාදීවාදීන්ගේ ඉල්ලීම් වලට අවනතව රජය ක්‍රියා කරනවාදැයි   තමාට සැකයක් පවතින බවද අම්පිටියේ සුමනරතන හිමියෝ  පැවසුහ.

“මම දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ අරගලයට කොළඹ ගියාට පස්සේ දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වුණා, නමුත් මම එතරම් ගණන් ගත්තේ නෑ. දහතුන් වැනිදා අලුයම මම වැඩ සිටි විහාරස්ථානයේ කුටියේ ජනෙල් වලට වෙඩි තියන්න පටන් ගත්තා. කොටි   ත්‍රස්තවාදීන්ගේ කාලයේවත් මගේ ජීවිතයට තර්ජනයක් තිබුණේ නැහැ. මගේ වාසනාවට බේරුණා.”

“ මගේ ජීවිතයට හානියක් වුනොත් රජය වගකිව යුතුයි.   , මොකද මම ආරක්ෂාව අවුරුදු හතරක් තිස්සේ ඉල්ලුවා. නමුත් කිසිම ආරක්ෂක ඇමතිවරයෙක් මට ආරක්ෂාව ලබා දීල නෑ. සිවිල් ආරක්ෂක බලකායේ කීපදෙනෙක් ඉන්නවා නමුත් ආයුධ නෑ. ඕකයි අද තත්වෙ.  එනිසා මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන නැගෙනහිර ජනතාවගේ නාමයෙන් විහාරස්ථානයට අවශ්‍ය පොලිස් හෝ යුධ හමුදා ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ඇමතිවරයාගෙන්, ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් අවසන් වරට ඉල්ලා සිටිනවා.”   සුමනරතන නාහිමියන් සඳහන් කළහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka