gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දරුණු විදුලි කප්පාදුවක්! ගල් අගුරු නැවු 21කට මුදල් නෑ!

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග පවතින්නේ මාර්තු මස 6 වැනි දා දක්වා පමණක් බැවින් සැලසුම්කර ඇති පරිදි ගල් අඟුරු නෞකා 21ක් අප්‍රේල් මාසයට පෙර ගොඩබා ගත නොහැකි වුවොත් දරුණු විදුලි කප්පාදුවක් ඇතිවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අනතුරු අඟවති.

අප්‍රේල් මස 15 වන දිනට පෙර මෙම වසරට අවශ්‍ය ගල් අඟුරු නෞකා 21ක් ලබා ගැනීම දැඩි අභියෝගයක් වී ඇතැයිද ඔවුන් කියා සිටිති.

මෙරටට පැමිණ ඇති දොළොස්වන ගල් අගුරු නෞකාවකට මුදල් ගෙවීමද දැඩි ගැටලුකාරී තත්ත්වයක් අත්වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙනි.

මෙම නෞකාව ඇතුළු තවත් නෞකා හයක් සඳහා අත්තිකාරම් ගෙවා ඇතත් සියල්ල සඳහාම ප්‍රමාද ගාස්තු ගෙවීමේ තත්ත්වයක් උද්ගතවී තිබේ.

මෙම වසරේදී නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු නෞකා තිස්තුනක් ගැනීමට සැළසුම් කර ඇතත් දැනට ගොඩ බා ඇත්තේ නැව් වාර 11කි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka