බද්දට එරෙහිව වෘත්තීය සමිති එකමුතු වෙයි! දොස්තරවරු අද ජනාධිපතිට ලියුමක් යවයි! වරායේ හෙට තීරණාත්මක රැස්වීමක්!
අසාධාරණ ලෙස බදු අයකිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එම සංගමය නියෝජන කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද දිනයේදී ජනාධිපතිවරයාට සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමුකරන බවයි.
වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේ, වරායේ සියලු වෘත්තීය සමිති හෙට ඒකරාශී කර තීරණයක් ගන්නා බවයි.
බද්දට එරෙහිව වෘත්තීය සමිති එකමුතු වෙයි! දොස්තරවරු අද ජනාධිපතිට ලියුමක් යවයි! වරායේ හෙට තීරණාත්මක රැස්වීමක්!
2023-01-31T10:42:00+05:30
Lanka Hot News






