gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ හොඳ සැලැස්මක් තියෙනවා ඉස්සරහට කියන්නම්! - පොහොට්ටුවේ ලේකම් සාගර (VIDEO)

මැතවරණය ජයග්‍රහණය කිරීම සදහා පොහොට්ටුවට හොද සැලැස්මක් ඇති බවත්, එය ඉදිරියේදී රට හමුවේ තබන බවත් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“අද පළාත් පලාන ඡන්ද වීමසීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කෙරෙමින් තිබෙන අවස්ථාවක්. මේ පළාත් පලාන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙතෙක්කල් සිදුකරේ බොරු බිල්ලන් මැවීමයි. කලින් කිව්වා මේ ඡන්දය සම්බන්ධයෙන් නාමයෝජනා කැඳවන්නෙත් නෑ කියලා. අපි නාමයෝජනා කැඳෙව්වාට පස්සේ අපි අවශ්‍ය කටයුතු කළා. අපි පක්ෂයක් විදිහට ඒ සියලු ඇප මුදල් බැඳිම, නාමයෝජනා සැකසීම් අපි විතරයි නිසි කලට හරියාකාරව සිදු කළේ. හැමෝම කිව්වා බොරු කරන්නේ කියලා. නමුත් අන්තිම මොහෝතේ හැමෝටම නාමයෝජනා භාරදෙන්න සිදුවෙලා තිබෙනවා. දැන් කියනවා මේ ඡන්දය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනි සිටින බවට සපත කරමින් කටයුතු කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගයේ නායකයින්.
2016 පවත්වන්න තිබුණු පළාත් පාලන ඡන්ද විමසීම 2018 වන තෙක් ඡන්දය කල්දැම්මේ සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධවෙච්ච පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තමයි අපි 2018 පළාත් පාලන ඡන්ද විමසීම ලබා ගත්තේ. ඒ වගේම අපි දන්නවා මේ රටේ පළාත් සභා මැතිවරණ අහෝසි කරලා තිබෙනවා. ග්‍රාමීය රෝහල්, පාසල් හැම දෙයකම කටයුතු සිදුවන්නේ පළාත් සභා හරහා. මේ පළාත් සභා සඳහා මහජන නියෝජිතයින් පත්කිරීමේ අවස්ථාව මේ රටේ ජනතාවට නැති කළේ, අනුර කුමාර, සජිත් ප්‍රේමදාස මහතලා කියන එක අද අමතක වෙලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ ඡන්ද බලය නැති කළේ , මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය නැති කරලා විනාශ කරපු පිරිස දැන් කිසිම ලැජ්ජාවක් නැතිව ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතාවගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්න පෙළඹිලා තිබෙනවා. එතුමන්ලාට මතක් කරන්න කැමති එදත් ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනි හිටියේ රාජපක්ෂවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි. එය එදත් , අදත්, හෙටටත් වලංගුයි. අපි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් අහෝසි කරලා ඒ මතින් බලයේ ඉන්න පොරකන පක්ෂයක් නොවේ. අපිට ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඒ සම්බන්ධයෙන් තිබෙන විශ්වාසයත් එක්ක අපි කටයුතු කරනවා. ඒ නිසා ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඡන්දය පවත්වන්න කියලා බොරුවට කෑමොර දෙන නායකයින්ට අපි කියන්න කැමති එක ඇගිල්ලක් දික් කරන විට අතේ ඉතුරු ඇඟිලි හතරම තමන් වෙත හැරිලා තිබෙන බව බලා ගන්න. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කළේ ඔබතුමන්ලා මිසක් වෙන කවුරුත් නොවේ. පොහොට්ටුව කවදාවත් එවෙනි දෙයකට සම්මාදන් වෙලත් නෑ. අනාගතයේදී වෙන්නෙත් නෑ. ඒ නිසා මේ ඡන්ද විමසීමට අපි පොහොට්ටුව හැටියට බය නැතිව තරඟ කරනවා. අපි විශිෂ්ඨ ජයග්‍රාහනයක් ලබනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවට සපත කරනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka