ලබන 10 වැනිදා ඇමෙරිකාවේ ජෝ බයිඩන් රජයේ විශේෂ නියෝජිතයකු ලංකාවට පැමිණීමට නියමිතය. මෙම විශේෂ නියෝජිතයා බයිඩන් පාලනය විසින් දකුණු ආසියානු කලාපය භාරව පත්කළ ආරක්ෂක උපදේශකවරිය වූ ‘සුමෝනා ගුහා’ය. ඇය ඉන්දීය සම්භවයක් සහිත ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසල දැනීමක් ඇති විද්වතෙක් ලෙස ප්‍රකටය. මෙම සංචාරයේදී ඇය ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතව අති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ලංකාවෙන් ඉන්දියාවට!
ලංකාවෙන් ඉන්දියාවට!
කෙසේ වෙතත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඇය ඉන්දියාවටත්, බංග්ලාදේශයටත් සංචාරය කිරීමට නියමිතය. එහිදීද ඉන්දීය සාගර කලාපය තුළ මතුව පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ. පසුගිය දින කිහිපය ඇතුළත ඉන්දීය රජයේ ඉහළ පෙළ නිලධාරීන් ලංකාවට පැමිණ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇති පසුබිමක බයිඩන් පාලනයේ ඉහළ පෙළ ආරක්ෂක නියෝජිතයකු ලංකාවට පැමිණීම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
