අලුත් ඡන්ද පනත නීතිපති ළඟ! මේ සතියේ කතානායක අතට! අස්සනත් මේ සතියේම!
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව මේ සතියේදී තමාට ලැබෙනු ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත ලැබුණු පසු ඊට සහතිකය සටහන් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.
පනත් කෙටුම්පත බලාත්මක වන්නේ තමාගේ අත්සන සහතික කිරීමෙන් පසුව බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
පනත් කෙටුම්පත බලාත්මක වන්නේ තමාගේ අත්සන සහතික කිරීමෙන් පසුව බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
අලුත් ඡන්ද පනත නීතිපති ළඟ! මේ සතියේ කතානායක අතට! අස්සනත් මේ සතියේම!
2023-01-23T15:13:00+05:30
Lanka Hot News