පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.
ඒ පසුගිය වසරේ මැයි මස නම් වනදා ඇතිවූ කලහාකාරී තත්ත්වයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ දේපොළවලට ගිනි තැබීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පළමු පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම් වලට අදාළවයි.
අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් එම සිදුවීම්වලදී බලධාරීන්ගේ බලතල නිසිලෙස ක්‍රියාත්මක කිරීමේ අතපසුවීමක් සිදුව ඇතිදැයි සොයා බලන මන්ත්‍රීවරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
ඒ අනුව මෙම වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ද නොතීසි මගින් දැනුම් දී ඇත.
