gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළාගිය ජනාධිපතිටත් ආණ්ඩුවෙන් වාහන 19ක් ! කෑම බීමට මාසිකව ලක්ෂ 9ක්!

ජනතා විරෝධය මැද පළා ගොස් නැවත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේ වනවිට රජයෙන් වාහන 19ක් ලබා දී ඇති අතර ආහාර පාන ඇතුළු වියදම් සඳහා මාසිකව රුපියල් නව ලක්ෂ පනස් දහසක් ලබා දෙන බව වාර්තා වේ.

මාධ්‍යෙව්දියකු වන අසංක අතපත්තු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තොරතුරු ලබා දුන් බව ඔහු අද පැවති කැබිනට් මාධ්‍ය හමුවෙදී අනාවරණය කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පවා ගෙවීමට නොහැකි තත්ත්වක් තුළ මෙවැනි වියදමක් දැරීම පිළිබඳව ඔහු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පවසා සිටියේ මෙය රටේ සමස්ත වියදම් දෙස බැලීමේදී පුංචි වියදමක් පමණක් බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 1977 සිට මේ දක්වා රජයේ වියදම් ආදායම් ඉක්මවා ඇති බවත් එදිනෙදා වියදම් පවත්වාගෙන යාමට තරම් ආදායමක් නැති රටක් ලෙස අප පැමණි බවත්ය.

“මේ පුංචි ප්‍රංචි වියදම් දෙස බලන්න කලින් මහා පරිමාන වියදම් දෙස බැලිය යුතුයි. ඒක තමයි රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සහ ණය පොලී ගෙවීම්. මේ මහා පරිමාණ විදම්වල කිසිවක් කපා හරින්න පුළුවන්කමක් නෑ. රජයේ සේවකයන්ට වැටුප් විශ්‍රාම වැටුප් රාජ්‍ය ණය පොලිය බලන්න. පුංචි පුංචි වියදම් කැපුවා කියල වැඩක් නෑ.

මේ වනවිට රටේ ඇමතිවරු පවා පරිත්‍යාග විශාල ප්‍රමණනයක් කරල තියෙනවා. අද කලින් තිබුණු අමාත්‍යාංශ එකතු කරල. මම දැන් අමාත්‍යාංශ හතරක බර තනිවම අදිනවා., ඒවායේ ඉතිරි වුණු දේවලුත් බලන්න. මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට දැනුම් දෙන්න ඕන කෙතරම් මුදල් ප්‍රමණනයක් අඩු කරල තියෙනවද කියල. “ ඔහු තවදුරටත් ප්‍රකාශ කළද ගෝඨාභය රාජපක්ෂ සඳහා වාහන වෙන් කිරීම් ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka