gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියාට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරද්දි එවකට ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කල කුසුම්දාස මහානාම සහ එවකට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන පුද්ගලයන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කළ සිර දඬුවම අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කරන ලදී.

2018 වසරේදී කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීමට ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් මිලියන 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අදාළ තීන්දුව නියම කරන ලදී.

ඒ අනුව කුසුම්දාස මහානාමට වසර 20ක සිර දඬුවමක් හා රුපියල් 65,000 දඩ මුදලක්ද පියදාස දිසානායක නමැති නමැති විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 12 ක සිර දඬුවම් සහ රුපියල් 50,000 ක දඩ මුදලක් ද නියම වෙයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka