gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති රටේ ප‍්‍රශ්ණවලින් බාගයක් විසදා අවසන්... ඉතිරි බාගෙත් විසදන්නයි හදන්නේ - සමන් රත්නප්‍රිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ පැවැති ප්‍රශ්න වලින් භාගයක් විසඳා අවසන් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

ඉතිරි ප්‍රශ්නද විසදුවහොත් බොහෝ දෙනාගේ දේශපාලනය අවසන් වන බව ද ඔහු පැවසීය.

එනිසා මෙම කණ්ඩායම් ජනාධිපතිවරයා එලවීමේ සමාජීය ගැටුම් නිර්මාණය කරමින් රටේ ආර්ථිකය බිංදුවට ගෙන ඒමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

අධිකරණ පද්ධතිය උපයෝගී කරගෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට තර්ජනය කරමින් ඔහු මානසිකව බිදවීමේ උත්සාහයක් පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසුවේය.

රට යළිත් හුස්ම ගන්නා තත්ත්වය විනාශ කිරීමට බලා සිටින කණ්ඩායම් මෙසේ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන බවත් පැවසූ ඔහු මුදල් ලේකම්වරයාට මෙවන් මානසික පීඩනයක් ඇති කළ විට රටේ ආර්ථිකයට අයහපත් අයුරින් බලපාන බවද එනිසා මෙවන් අවස්ථාවක එවන් දේවල් නොකළ යුතු බවත් කියා සිටියේය.

ආදායම් බද්දට එරෙහිව විරෝධතා පවත්වන පුද්ගලයන්ගෙන් සියයට පනහකට මෙම බද්ද අදාළ නැති බවද පැවසූ ඔහු දේශපාලන අරමුණු ඔස්සේ ජනතාව එළියට බස්වමින් සිටින බවටද චෝදනා කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka