ජනාධිපතිට පාර්ලිමේන්තුවේ කටයුතු තීන්දු කරන්න බෑ! කතානායක කෙළින් තීන්දුවක් ගත්තෙත් නෑ! විපක්ෂනායක රනිල්ගේ රැස්වීම වර්ජනය කරන්න තීන්දු කරයි
අද සවස 2.30ට ජනාධිපතිවරයා සහභාගි වන පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත. පාර්ලිමේන්තු කටයුතුවලට අනිසි ලෙස අත පෙවීමට ජනාධිපතිවරයා දරණ උත්සාහයට විරෝධය පළ කිරීම සදහාත්, කතානායකවරයා විසින් කලින් ගනු ලැබූ තීන්දු තීරණ වෙනස් කිරීමට විරෝධය පළ කිරීම සදහාත් විපක්ෂනායකවරයා මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර තීන්දු වී තිබුණේ පළමුව පාර්ලිමේන්තු කමිටු රැස්වීම පැවැත්වීමටත්, දෙවනුව ජනාධිපතිවරයා සහභාගී වන පක්ෂනායක රැස්වීම පැවැත්වීමටත්ය.
නමුත් එම එකගතාව කඩ කරමින් අද මුලින්ම ජනාධිපතිවරයාගේ සාකච්ඡාව පැවැත්වීමට කතානායකවරයා තීන්දු කොට තිබිණ.
නමුත් එම එකගතාව කඩ කරමින් අද මුලින්ම ජනාධිපතිවරයාගේ සාකච්ඡාව පැවැත්වීමට කතානායකවරයා තීන්දු කොට තිබිණ.
ජනාධිපතිට පාර්ලිමේන්තුවේ කටයුතු තීන්දු කරන්න බෑ! කතානායක කෙළින් තීන්දුවක් ගත්තෙත් නෑ! විපක්ෂනායක රනිල්ගේ රැස්වීම වර්ජනය කරන්න තීන්දු කරයි
2023-01-18T13:21:00+05:30
Lanka Hot News