මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේය.
පනතට පක්ෂව පක්ෂව ඡන්ද: 97ක් හා විපක්ෂව ඡන්ද 36ක් ලැබිණි.
පනතට පක්ෂව පක්ෂව ඡන්ද: 97ක් හා විපක්ෂව ඡන්ද 36ක් ලැබිණි.
එනම් මේ මැතිවරණ පනත නාම යෝජනා කැඳවා ඇති මැතිවරණයට බලපාන්නේ නැති බවට වූ සංශෝධනයය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ල එම යෝජනාව ඉදිරිපත් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල – මෙම පනත බලාත්මක කිරීමට පෙර නාමයෝජනා කැඳවා ඇති මැතිවරණය සඳහා මෙම පනතේ විධි විධාන අදාල නොවේ.
කතානායක – අමාත්‍යතුමා ඒක පිළිගන්නව ද?
අධිකරණ ඇමති විජේදාස රාපක්ෂ – පිළිගන්නෙ නෑ…
ලක්ෂ්මන් කිරිඇල්ල – ඒකයි අපි කියන්නෙ මේකෙ යටි අරමුණක් තියනවා කියලා.
විජේදාස රාජපක්ෂ – ඒක අනවශ්‍යයයි. ඒක දැම්මා කියලා කිසිම දෙයක් වෙන්නෙ නෑ
ලක්ෂ්මන් කිරිඇල්ල – බළලා මල්ලෙන් එළියට පැන්නා. එහෙම කෙරුවොත් අපි උසාවියට යනවා.
විජේදාස රාජපක්ෂ – ඔබතුමාල චෝදනා කළේ අපි උසාවි යනවා කියලනෙ. ඔබ තුමාලනෙ යන්න හදන්නෙ. අපිත් එන්නම් යමු ඔක්කොම එකට.
මහාචාර්ය ජි.එල් පිරිස් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමා පැහැදිලිව කිව්වා. මේක සම්මත කිරීමේ දි යම් යම් ව්‍යාකූලතා ඇතිවෙන්න පුලුවන් කියලා. ඒ නිසා තමයි අපි මේ සංශෝධනය ඉදිරිපත් කළේ. ඒ සංශෝධනය පිළිගත්තා නම් මේ සියලුම ප්‍රශ්න විසඳෙනවා. මට තේරෙන්නෙ නෑ රජය මැලි වෙන්නේ ඒ සංශෝධණය පිලිගන්න.
ලක්ෂ්මන් කිරිඇල්ල – මේ පනතට සංශෝධන දෙකක්. මේ පනත පවත්වන පළාත් පාලන මැතිවරණයට බලපාන්නෙ නෑ කියලා සංශෝධනයක් ගේන්න කියලා අපි ඉල්ලලා තියනවා. ඒක ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තියනවා.
විපක්ෂයේ විරෝධතා සහ සංශෝධන ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව පනත සම්මත කරගත්තේය.
