gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජොගින් ට්‍රැක් 25ක් හැදුවා! මිලියන 1263ක් වියදම් කළා! දැන් ඉතින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරමු! ප්‍රසන්න රණතුංග වැඩට බහී!

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මංතීරු ඉදිකර තිබේ. 
2021 වසරේ ඇවිදින මංතීරු 30 ක් ස්ථාපනය කිරීම සදහා ස්ථාන හදුනාගත් අතර ඉන් 25 ක වැඩ ආරම්භ කෙරිණ. පසුගිය දෙසැම්බර් 25 වන දිනට එම මංතීරු සියල්ල ඉදිකර අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකිව තිබේ. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1,263 කි.

කැස්බෑව, බලංගොඩ, අම්පාර, රඹුක්කන, ත්‍රිකුණාමලය, බලපිටිය, ගම්පහ, කුරුණෑගල, මාතලේ, ලුනාව, ඉංගිරිය, මඩකලපුව, කඹුරුගමුව, නුවරඑළිය, යක්කල, යාපනය, පේදුරුතුඩුව යන ප්‍රදේශ වල මෙම මංතීරු ඉදිකර තිබේ.

යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ඉදිකර ඇති මංතීරුව නම්කරු ඇත්තේ  ‘විකුම් උයන’ නමිනි. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65 කි. මෙහි වාහන 30 ක් පමණ නතර කළ හැකි රථ ගාලක්ද ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය ගංවතුර සදහා බලපෑමක් ඇති නොවන ලෙස ඉදිකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව ආයුර්වේද කලාපයක් ස්ථාපනය කිරීමේ අදහසක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට දේශීය වෛද්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවද ඇමතිවරයා කියයි.

මේ අතර රාගම, පේරලන්ද ඇවිදින මංතීරුවේ 3 වන අදියරේ ඉදිකරීම් කටයුතු මේ වසර තුළ කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

පේරලන්ද ඇවිදින මංතීරුවේ පළමු සහ දෙවන අදියරවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර මේ සදහා දැනට වැය කර ඇති මුදල රුපියල් මිලියන 208 කි.  නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 3 වන අදියරේදී මෙහි ළමා උද්‍යානයක්, ආපන ශාලාවක් සහ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි.

දැනට ඉදිකිරීම් අවසන් කොට ඇති මෙවැනි ව්‍යාපෘති කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍යය සම්පන්න නිරෝගිමත් පුරවැසියන් සමාජයට බිහි කිරීමේ අරමුණින් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කළ බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka