gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට බංකොලොත් කරන්න ගෙවුනු 74 වසරේ රටකළ සියලු පක්ෂ වග කිව යුතුයි… පොහොට්ටුව පාලනය කළේ අවරුදු 03යි… බැසිල් කියයි

රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයට නිදහසින් පසු ගෙවුණු 74 වසර තුළ රට පාලනය කළ සියලු පක්ෂ වගකිව යුතු බව⁣ට විවේචන එල්ල වන බවත් එම කාලයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පාලනය කළේ වසර කිහිපයක් පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම නිමිත්තෙන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා අද  (24) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය කල් නොයනු ඇතැයි විශ්වාස කර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බවද ඔහු කීවේය.  නාම යොජනා පවා කල්යනු ඇතැයි ඇතමුන් ප්‍රකාශ කළත් එය එසේ නොවුණු බවද  ඔහු පෙන්වා දුන්නේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පළාත් පාලන ආයතන 252 ක් සඳහා තනිව තරඟ කරන බවත් තවත් කිහිපයකට වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගතව තරඟ කරන බවත් බැසිල් රාජපක්ෂ කීවේය.

යාපනයට වීණාව ලකුණෙන් ද මඩකළපුවට බෝට්ටුව ලකුණෙන් ද තරඟ කරන්නේ යැයි හෙතෙම පැවසුවේය.

පක්ෂ වලට අලුත් අය එකතු වෙන්නා සේම පක්ෂ වල සිටින අය ඉවත්ව යෑම දේශපාලන යේ ස්වරූපය බවත් එවැනි අවස්ථා වල මතුවන අභියෝග ජයගැනීමට හැකියාව තිබිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka