gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

භාවනායෝගී භික්‍ෂුන් වහන්සේලාට බාධා කරන්න එපා - පවිත‍්‍රාගෙන් ඉල්ලීමක්!

ඓතිහාසික කුඩම්බිගල තපෝවනයට කි.මී. 6ක් පමණ දුරින් පිහිටි, ඓතිහාසික බඹරගස්තලාව වන සෙනසුන තුළ භාවනායෝගීව වැඩසිටීමට, බෞද්ධ ස්වාමීන් වහන්සේලාට බාධා නොකරන ලෙස, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමතිනි, පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදි වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නාය.

කෙසේ වෙතත්, වනජීවී දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය පවතින මෙම වනාන්තරය තුළ මීට අමතරව ගිහි ජනතාව සමග මානව ක්‍රියාකාරකම් සිදු නොකළ යුතු බවද අමාත්‍යතුමිය සඳහන් කළාය.
අභිනව වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමතිනිය වැඩිදුරටත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ, රටේ ඕනෑම වනාන්තරයක භාවනානුයෝගීව වැඩසිටීමට ස්වාමීන් වහන්සේලාට අවස්ථාව ඇති නිසා ඊට බාධා නොකරන ලෙසය.

පානම කුඩම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනාධිපති/ අනුශාසක පූජ්‍ය පැලවත්තේ බුද්ධවංස ස්වාමීන් වහන්සේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව 2023.01.24 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. උන් වහන්සේ ඉල්ලා තිබුණේ අතීතයේ මෙන් නැවත වතාවක් මෙම බඹරගස්තලාව සේනාසනය ගෞරවනීය මහා සංඝරත්නයේ පරිහරණයට ලබාදීම සඳහා මැදිහත් වන ලෙසය.

සාකච්ඡාවට එක්වූ පූජ්‍ය පැලවත්තේ බුද්ධවංස ස්වාමීන් වහන්සේ පැවසුවේ, මේ වනවිට නිධන් හොරුන්ගෙන් සිතඟය පිරිදි ඔවුන්ගේ අණසක පතුරුවමින් මෙම ඓතිහාසික පුදබිම විනාශ කරමින් එහි තිබෙන ඉතා‍ වටිනා වස්තූන් පැහැරගැනීම සිදුවෙමින් පවතින බවය. පුදබිමේ භාවනායෝගීව වැඩසිටීමට ස්වාමීන් වහන්සේලාට අවසර දෙනවා සේම එහි සිදුවන පුරාවිද්‍යා ස්ථාන විනාශය පිළිබඳවද අවධානය යොමුකරන ලෙස උන් වහන්සේ ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ බණ භාවනා කටයුතු නිදහසේ කරගැනීම සඳහා අවස්ථාව සලසා දීමට සහ බෞද්ධ උරුමය රැකගැනීමට රජයේ මැදිහත්වීම උපරිමව ලබාදෙන බවයි.

මෙම සාකච්ඡාවට, ආරණ්‍යවාසී අමිතගෝස ස්වමීන් වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත්, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ (මෙහෙයුම් )මංජුල අමරරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී නීතීඥ රෝහණ කාරියවසම්, පූජාභූමි හා බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ චතුර මිහිඳුම් යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

– මාධ්‍ය ඒකකය




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka