ජීවත් වීමට ඇති එකම දවසක් පිළිබඳ අපේක්ෂාවෙන් මරණයේ එළිපත්ත සිටින පිළිකා රෝගීන් තුනෙන් එකකට බෙහෙත් නිකුත් කිරීමට අපේක්ෂා රෝහල අසමත් වී ඇති බව එම රෝහලේ ආරංචි මාර්ග වේදනාවෙන් යුතුව වාර්තා කරයි.
බෙහෙත් නොලැබෙන අසරණ රෝගීන්ගෙන් තුනෙන් එකක් දිනපතා හිස් අතින් නිවෙස්වලට යන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග යළිත් වරක් එම රෝගීන් වෙත බෙහෙත් නිකුත් කිරීමක් සිදුනොකරන බව ද දන්වා සිටී.
බලහත්කාරයෙන් මරණයට ඇද දැමූවාක් බඳු වූ බරපතල මානුෂික ව්‍යසනයකට පත්ව ඇති මේ පිරිසෙන් අති මහත් බහුතරයකට මුදල් වියදම් කර බෙහෙත් ලබා ගැනීමේ ආර්ථික ශක්තියක් නොමැති බව ද අපේක්ෂා රෝහල පවසයි.
ඖෂධවල පවතින උග්‍ර හිගය හේතුවෙන් මාස කීපයක සිට පරිත්‍යාගශීලීන්ගෙන් ඖෂධ ලබා ගැනීම කටයුතු කර ඇති බවත් පරිත්‍යාගශීලීන් ඖෂධ ලබා දීම නතර කළ දිනයට කිසිම රෝගියෙකුට ප්‍රතිකාර කළ නොහැකි මට්ට්මට අපේක්ෂා රෝහල පත්වනු ඇතැ බවටත් එම රෝහල් ආරංචි මාර්ග කියයි.
“ මේක මහා ඛේදවාචාකයක්… පරිත්‍යාගශීලීන්ගෙන් ඖෂධ ලැබෙන මොහොතේදී ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ට එය ලබා දීමට කටයුතු කරනවා. ඒත් ඒ ඖෂධ ප්‍රමාණවත් නෑ. ලෙඩ්ඩු බහුතරයක් යන්නේ හිස් අතින්… මුදල් වියදම් කරලා පිටින් ඖෂධ ගන්න පුලුවන් අතලොස්සකට විතරයි දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න අවස්ථාව තියෙන්නෙ.“

- lankasara