ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයින් ඉවත් කරමින් 2020 වසරේ නොවැම්බර් මස 27 වනදා එවක සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
ඉන්පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයා වශයෙන් පත් කළ මහාචාර්ය වජිර දිසානායක සහ එහි සාමාජිකයින් ලෙස මහාචාර්ය බන්දුල විජේසිරිවර්ධන, වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු, වෛද්‍ය වජිර සේනාරත්න සහ මහාචාර්ය ජයලත් ජයවර්ධන යන අය පත්කිරීමට හිටපු අමාත්‍යවරිය ගත් තීරණය ද බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය මහාචාර්ය වජිර දිසානායක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීම වළක්වමින් අතුරු ආඥාවක් ද නිකුත් කරනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තමන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කරන ලෙස ඉල්ලමින් එහි හිටපු මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සහ සාමාජිකයින් වන වෛද්‍ය ඩබ්ලිව්. එම්. සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය යූ.එම්. ගුණසේකර, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍ය සුනිල් උභයසිරි විසින් ගොනු කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.
මොහොමඩ් ලෆාර් සහ එස්. යූ. බී. කරලියද්ද යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඉවත් කිරීමේදී වගඋත්තරකාර අමාත්‍යවරිය ද්වේශ සහගත සහ අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවය.
ඉවත් කිරීමට පෙර පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමක් සිදුකිරීමට හෝ ඔවුන්ට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදීමට වගඋත්තරකාර අමාත්‍යවරිය කටයුතු කර නොමැති බවත් විනිසුරුවරු නඩු තීන්දුවෙන් චෝදනා කර තිබේ.
ඒ තුළින් අමාත්‍යවරිය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර තිබෙන බවත් නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.
පෙත්සම්කාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් අභියාචනාධිකරණය හමුවේ කියා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2019 වසරේ ජනවාරි මස 21 වනදා වසර පහක කාලයක් සඳහා තමන්ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් වශයෙන් පත්කළ බවය.
ඉන් අනතුරුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමන්ව ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.