gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද කල් දාන්න කුමන්ත්‍රණයට තවත් මහා පරාජයක්! මැතිවරණය යනු ව්‍යවස්ථාපිත කරුණක් බැවින් භාණ්ඩාගාරය ඊට අවශ්‍ය මුදල ලබා දෙනවා! කොමිසම හමුවට ආපු භාණ්ඩාගාර නිලධාරීන් කොමිසමට දැනුම් දීලා!

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව භාණ්ඩාගාර නිලධාරීන් මැතිවරණ කොමිසමට තහවුරු කර තිබේ.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිසි පරිදි ලබා දිය නොහැකි බවට විවිධ මත පලවීම් සම්බන්ධයෙන් විමසිම සඳහා මහා භාණ්ඩාගාර නිලධාරීන් ඊයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා විමසීමක් කළ බවයි.
 
මැතිවරණය යනු ව්‍යවස්ථාපිත කටයුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් නියමිත පරිදි කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව නිලධාරීන් එහිදී දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ද සහභාගි වී තිබේ. 
 
නිවස් ෆස්ට්


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka