පාර්ලිමේන්තුව තුළ සිදුකෙරෙන යම් යම් කටයුතු හරහා පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්සාහ කරන අදිසි හස්තයක් පිළිබඳ මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට සැක මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මෙම අදිසි හස්තය පිළිබඳ පළමු වරට පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණ කළේ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාය.
හෙතෙම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ විධායකයේ වුවමනාවන්ට අනුව කටයුතු කරන අදිසි හස්තයක් පාර්ලිමේන්තුව ඇතුළේ සිටින බවකි.
ඒ අනුව පසුගිය සතියේ පැවැති රැස්වීමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ කරුණු රැසක් සටහන් වී නොතිබීම සහ විපක්ෂ නායකවරයා පළකළ විරෝධය නොතකා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනීමක්ද එහිදී සිදුව තිබිණි.
මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පසුගිය බදාදා දිනයේදී විපක්ෂනායක කාර්යාලයේ පැවැත් රැස්වීමකදී විපක්ෂයේ නියෝජිතයන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබිණ.
මෙය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයේ බරපතළ අනතුරක් මතුකරන්නක් බැවින් ඒ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඉදිරි දින කිහිපය ඇතුළත සිදුකිරීමට විපක්ෂ නියෝජිතයන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.