gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හයේ පිල සන්ධාන ගතවෙයි ; පොහොට්ටුවෙන් තවත් පිරිසක් ගැලවෙයි!

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂයේ කණ්ඩායම් හයක ඒකාබද්ධ පුළුල් සන්ධානය මේ සතියේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. 
මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් හතළිස් තුන්වැනි සේනාංකය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයයි.

සන්ධානගත වීම්වල දී මෙතෙක් පැවැති ප්‍රධාන පක්ෂයේ වටා ඒකාබද්ධ වීමේ රටාවක් මෙම සන්ධානයට නොමැත.

සන්ධානය මෙහෙයැවීමේ වගකීම සියලු කණ්ඩායම් නියෝජනය වන ආකාරයේ සම නායකත්වයන්ට, නායකත්ව මණ්ඩලයකට හෝ සභාපති මණ්ඩලයකට පැවරීමේ යෝජනා සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඉදිරි දින කිහිපය ඇතුළත එම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත් වාර්තා වේ.

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ද මෙම සන්ධානයට එක් වීමට සූදානමින් සිටින බවද ඔවුන් මෙලෙස විපක්ෂ සන්ධානයකට එක් වීමට හේතුව විදුලි ගාස්තු වැඩි කිරීම බවද එම නියෝජිතයා සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka