gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ වැඩ නොකොලොත් ලේකම්වරු මාස 6න් ගෙදර! ජනපති ලේකම් ගිවිසුම් අත්සන් කරන්න සූදානම්!

රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා හා සියලු අමාත්‍යාංශ ලේකම්වරුත් අතර එකඟතා ගිවිසුමක් ලබන වසරේදී අත්සන් කිරීමට කටයුතු යොදා තිබෙනවා. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

තමන් ලේකම් ධූරය දරන අමාත්‍යාංශයන්හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ලබන වසරට අදාලව ඉලක්කයක් ජනාධිපති ලේකම්වරයා විසින් ලබා දෙන අතර එම ඉලක්කය ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරික්ෂා කිරීමට ද නියමිතයි.

එලෙස ප්‍රගතිය පරික්ෂා කරද්දී සිය ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කර නොමැති අමාත්‍යංශ ලේකම්වරුන් මාස 06 කදී රාජකාරියෙන් ඉවත් කිරීමට ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තීන්දු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලබන වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ වන අමාත්‍යාංශ ලේකම්වරුන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම යන බැවින් අලුතින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් ද එම ගිවිසුමට ඇතුළත් වනු ඇති.

එම එකඟතා ගිවිසුම අනුව රාජ්‍ය සේවයේ වියදම් 25% කින් අඩු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම මෙන්ම චක්‍රලේඛ අනුව නිසි කටයුතු කිරීම ආදී රාජ්‍ය සේවයේ ඵලදායිතාවයට අදාලව එකඟතාවයන් රැසක් ඇතුලත්ව මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka