ප්‍රජා සේවයට ගෙනා බඩු පොහොට්ටු මන්ත්‍රී හොරකම් කරලා මාට්ටු… හොර ඇල්ලූ ප්‍රදේශවාසීන්ට බෙලිඅත්ත සභාපති උසාවියේදී කොහොමද දාපු සත්තම…? (VIDEO)
ප්‍රජා ජල ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ රුපියල් 250,000ක් පමණ වටිනා GI බට සොරකම් කිරිමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
GI බට 11ක් 28 වැනි දා රාත්‍රියේ සොරකම් කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයාව 29 වැනි දා උදෑසන බෙලිඅත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
සැකකරුවන් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
ප්‍රජා සේවයට ගෙනා බඩු පොහොට්ටු මන්ත්‍රී හොරකම් කරලා මාට්ටු… හොර ඇල්ලූ ප්‍රදේශවාසීන්ට බෙලිඅත්ත සභාපති උසාවියේදී කොහොමද දාපු සත්තම…? (VIDEO)
2023-01-01T07:52:00+05:30
Lanka Hot News