මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් අනුමත කිරීමට මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටිවන් මහතා විසින් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 20 ක පමණ මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් විසින් මාවනැල්ල ව්‍යාපාරික ස්ථානයකදි අත්අඩංගුවට ගෙන ඇත.
මාවනැල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයදි සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේදි අල්ලස් ලෙස මුදල් ලබා ගැනීම සිදු කරන අතරවාරයේදිය.
මෙම සභාපතිවරයාගේ රියදුරාද මෙහිදි අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සිදු කරන අතරවාරයේදි මාවනැල්ල සභාවේ තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බවද පැවසේ.
මෙම සභාපතිවරයා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාවනැල්ල සභාවට මන්ත‍්‍රීවරයෙක් ලෙස තේරි පත් වි ඇත.
– සමන් විජය බණ්ඩාර
