තමා ජනාධිපති ධූරයට පත්වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා උපන් ජනවාරි 08 දින ම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
සිය යහපාලනාණ්ඩුව තුළ ගැටුමක් නිර්මාණය වූයේ තමන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ බණ්ඩාරනායක දර්ශනය සහ අන්ත දක්ෂිණාංශික දර්ශනය එකිනෙක ගැටීමෙන් බවයි, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
එසේ නොමැතිව තමා සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පෞද්ගලික ගැටුමක් නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.
අරගලය තුළ සිටි පිරිස ඉල්ලා සිටියේ බණ්ඩාරනායක දර්ශනය තුළ රට පාලනය කළ යුතු බව යැයි ද මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් කීය.
බණ්ඩාරනායක 112 වන ජන්ම දින උත්සව සභාව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
