gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පොහොට්ටුව පැරදුණත් ඉල්ලන්න ඕන! ජනතාවගෙන් ඈත්ව දුවන්න බෑ - මහින්ද කියයි

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පරාජය වේ යයි  තමන් නොසිතන නමුත් එවැනි පරාජයක් ලැබුවත් එය පිළිගන්නට සූදානම් විය යුතු බව හිටපු ජනාධිපති සහ පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ස මහතා පවසයි.  පක්ෂයට ජනතාවගෙන් ඇත් වී ඇතට දිව යා  නොහැකි බවත් පරාජයක් වුවහොත් වැරදුනේ කොතැනදැයි අප උගත යුතු බවත් ඔහු සඳහන් කර ඇත්තේ සන්ඩේ ටයිම්ස් දේශපාලන වාරතාකරු ඉක්බාල් අතාස් සඟ කළ පිළිසඳරකදීය. 
පසුගියදා කොළඹ 07, ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි සිය නිල නිවසේදී මෙම දේශපාලන වාර්තාකරු හමුව ඇති මහින්ද රාජපක්ෂ මහතා එහිදී

“ජනතාව අප ගැන සිතන්නේ කුමක්දැයි අපි ඉගෙන ගත යුතුයි. අප අතින් වැරදි සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කළ හැක්කේ එවිටයි. අපි ඔවුන්ගේ හැඟීම් නොසලකා හැර කිසිවක් සිදු නොවූවාක් මෙන් ඉදිරියට යා නොහැකියි. අපි අපේ වැරදි වලින් ඉගෙන ගත යුතුයි.“

එහිදී මෙම වාර්තාකරු රටේ ආරථිකය විනාශ කිරීමට වගකිව යුතු බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ද ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන්  ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව ශ්‍රි ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ඊට වගකිව යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැතිවරයාව සිටි තමන් ද වගකිව යුතු බවට ජනතාව අතර පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කරන බවද පවසා ඇත.

“මම ගෝඨාභයගේ වැඩවලට ඇඟිලි ගැසුවේ නෑ. ගොඨාභය දේශපාලනය දැන සිටියේ නැහැ. ඔහු යුද හමුදා නිලධාරියෙක්. ඔහු තීරණ ගත්තේ ක්‍රියාත්මක වුණේ ඔහුගේම විනිශ්චයන් =මත. ඔහු යළිත් තරඟ කරාවි යයි මම විහ්වාස කරන්නේ නෑ.

- lankasara


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka