gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රාජ්‍ය සේවයේ බහුතරයක් නියමිත වෙලාවට රාජකාරිය ඉටුකරන්නෙ නැහැලු… රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා කපන්න රජය ලෑස්තියි… වැටුප් සඳහා පමණක් මසකට රුපියල් කෝටි 9300ක්!

රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන අතිකාල සහ අමතර දීමනා කප්පාදු කිරීමට රජය සූදානම් වෙයි. රජයේ වියදම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පැවසීය. 
රාජ්‍ය සේවකයන් සඳහා දැනට ලබා දෙන අතිකාල සහ අමතර දීමනා මෙම කප්පාදු කිරීමේ වැඩපිළිවෙළ යටතේ සම්පූර්ණයෙන්ම කප්පාදුවකට යටත් නොකරන බවත් එය යම් සීමාවකට යටත් කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව අතිකාල සහ අමතර දීමනා කොතරම් ප්‍රමාණයක් දක්වා අඩු කරනවාද යන්න පිළිබදව සකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බවද හෙතෙම කීවේය.

රජයේ සේවකයන්ට අතිකාල, නිවාඩු, ජීවන වියදම වැනි දීමනා හැර වැටුප් සඳහා පමණක් මසකට රුපියල් කෝටි 9300ක් පමණ මුදලක් වැය වේ.

ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත රාජ්‍ය සේවයේ බහුතරයක් නියමිත වෙලාවේදී සිය රාජකාරිය ඉටු නොකර අතිකාල ලබා ගැනීමේ අරමුණින් රාජකාරි වේලාවෙන් පසුව සේවය කරන බවටද අනාවරණය වේ.

එලෙස සිය රාජකාරිය, රාජකාරි වේලාවෙන් පසුව සිදු කරන ප්‍රමාණය ලක්ෂ හයක් පමණ වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 40ක් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම ක්‍රියාවලිය රාජ්‍ය සේවය සඳහා අනවශ්‍ය වියදමක් වේ.

-aruna


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka