නැප්තා ඉන්ධන ලීටර මිලියන 6.5ක තොගයක් රට තුළ පවතිද්දී ඉතිහාසයේ පළමු වරට එම ඉන්ධනවලින් විදුලිය ජනනය කරන කැලණිය සංයුක්ති චක්‍රීය තාප බලාගාරය හෙට (12) රාත්‍රියේ දී වසා දැමීමට සිදුවනු ඇති බවත් එමඟින් ජාතික පද්ධතියට මෙගවොට් 165ක් අහිමි වන බවත් ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
දැනට විදුලිය ජනනය සඳහා භාවිත වන ඉන්ධනවලින් මිල අඩුම ඉන්ධනය වන නැප්තා ලීටර මිලියන 9.5ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවතුණද එයින් මේ වනවිට කැලණිතිස්ස බලාගාරය වෙත ලබා දී ඇත්තේ ලීටර මිලියන 2.9ක් පමණක් බව සඳහන් කළ ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම නැප්තා තොගය අවසන් වූ පසුව රට තුළ ඉන්ධන ප්‍රමාණවත්ව තබාගෙනත් මෙම මෙගවොට් 165ක බලාගාරය අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.
ඛනිජ තෙල් සංස්ථාව සතු සංචිත ලබා දෙන්නේ නම් අඛණ්ඩව දින 10ක් මෙමගින් විදුලිය ජනනය කළ හැකි බව එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
මේ පිළිබඳව ලංකාසර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාව සතුව එවැනි තොගයක් පවතින්නේ නම් එය විදුලි බල මණ්ඩලයට ලබා දීමට කටයුතු කළ යුතු බවය.
“ දැනට අපට පවතින මිල අඩුම ඉන්ධන වර්ගය තමයි නැප්තා . එය මුලින් මිල කර තිබුණේ ලීටරයක් රුපියල් 164කට. නමුත් මෙය දැන් රුපියල් 220ක් දක්වා වැඩි කරලා.“
“නමුත් මේ මොහොතේ අවම පිරිවැයකින් මෙම තොග විදුලි බල මණ්ඩලයට ලබා දීමට කටයුතු කළ යුතුයි. මා දන්නා පරිදි නැප්තා සඳහා සංස්ථාව අය කරන රුපියල් 164 පවා වැඩි මිලක්. දැනට පවතින තත්ත්වය අනුව රුපියල් 80කට ලීටරයක් ලබා දිය හැකියි.“
“මෙම ජනනය වන විදුලියට ජනතාව මුදල් ගෙවනවා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව මේ තොග ලබා දිය යුතුයි. ඔවුන්ට මේ මුදල් මාස අවසානයේ විදුලි බල ඹන්ඩලයෙන් අය කර ගත හැකියි “ යයි සභාපතිවරයා ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම : lankasara
