gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බම්බලපිටියේ ගැටුමක්! හවුස් ඔෆ් ෆැෂන් සේවකයින් පාරිභෝගිකයින්ට අමානුෂික ලෙස පහර දෙයි (VIDEO)

බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි ඇඳුම් අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 
පසුගිය සෙනසුරාදා සවස මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

එම නිමි ඇඳුම් වෙළඳසැලේ රථ ගාලේ සිය වාහනය නවතා ඇඳුම් මිලිදී ගැනීමට පැමිණි පාරිභෝගික යුවලක් සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමෙන් පසුව නැවත ඉන් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී එහි රථ ගාලේ නවතා තිබු සිය වාහනය අවහිර වන ලෙස තවත් වාහනයක් නවතා ඇති බව දැක ඒ බව අසල සිටි ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

අවස්ථා කිහිපයකදී වාහනය ඉවත් කර ගන්නා ලෙසට අනෙක් වාහනයේ රියැදුරු දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියද එම වාහනය ඉවත් කර ගැනීම ප්‍රමාද වූ බව එම යුවල පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඇතිවූ ප්‍රමාදයත් සමග ඇඳුම් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයා සහ එම නිමි ඇඳුම් වෙළඳසැලේ සේවකයින් බහින්ස්බස්වීමක් ඇතිවී තිබෙන අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි පොලිසිය සසඳහන් කළේ.

එහිදී නිමි ඇඳුම් අලෙවිසැලේ වෙළෙද සේවකයින් පිරිසක් එම යුවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරන අතර එය එම අලෙවි සැලේ උඩු මහලේ සිටි පිරිසක් වීඩියෝ ගත කර තිබෙනවා. එම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසරනු දක්නට ලැබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත් සිදුවීම ගැන විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

සමාජ මාධ්‍ය තුල හුවමාරු වන එම ගැටුමේ වීඩියෝව පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka