ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් එළවා දැමූ ආකාරයට නම් රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් එලවිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සමගි කාන්තා බලවේගයේ සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා එලවිය යුත්තේ මොලයෙන් බවද ඇය සඳහන් කරන්නීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් වී මර්දනය කරනු ඇතැයි මුලින් කල්පනා කළ ද අවසානයේ ඒ කිසිවක් නොකළ බවද ඇය පැවසුවාය.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා නොකළ සියලු උපක්‍රම කුමන්ත්‍රණ වත්මන් ජනාධිපතිවරයා විසින් භාවිතා කරමින් ඇති බවද ඇය පෙන්වා දෙයි.
කෙසේ හෝ මෙම ජනවාරි මස අග වෙද්දී ජනතාවගේ ආර්ථික අපහසුතා ඉහළ යනු ඇති බවත් එහිදී ජනතාව පාරට බැසීම කිසිවකුට වළක්වා ගත නොහැකි වනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියාය.
සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
