පසුගිය සතියේ අප ගෝඨා පිළිබඳ තවත් විශේෂ පුවතක් අනාවරණ කළෙමු. ඒ, ගෝඨා හමුවීමට ඔහු රැඳී සිටින මලලසේකර මාවතේ නිවෙසට ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය පැමිණි බවත්, තවදුරටත් ඇමෙරිකානු වීසා ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසට ඇය ගෝඨාට දැනුම් දෙනු ලැබූ බවත්ය.
එම පුවත අනාවරණ කළේ ගෝඨා ඩුබායි බලා පිටත්ව ගිය දිනයේ මෙරට සියලු මාධ්‍ය ගෝඨා ඇමෙරිකාව බලා ගිය බවට අතේ පැලවෙන පට්ටපල් බොරුවක් පළකොට තිබීම නිසාය. එහීදී අප කියා සිටියේ ගෝඨා ඇමෙරිකානු වීසා ඉල්ලුම් කොට එය ප්‍රතික්ෂෙප වුණු තැන ඩුබායි බලා ගිය බවත්, මෙසේ වරින් වර ඇමෙරිකානු වීසා ඉල්ලා සිටීම හේතුකොට ගෙන ඇමෙරිකානු තානාපතිනිය එසේ නොකරන ලෙස නිවෙසටම පැමිණ දැනුම් දුන් බවත්ය.
සුගීෂ්වර දන්නවද දන්නේ නෑ!
සුගීෂ්වර දන්නවද දන්නේ නෑ!
කෙසේ වෙතත් අප කළ මෙම අනාවරණයෙන් පසුව එක්තරා වෙබ් අඩවියක් ගෝඨාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර හට ඇමතුමක් දී මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව විමසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී සුගීෂ්වර එවැන්නක් සිදු නොවූ බවටත්, එය අසත්‍යයක් බවටත් ප්‍රකාශ කර තිබුණු අතර, පසුව යට කී එම වෙබ් අඩවිය මහා ලොකුවට එම පුවත වාර්තා කර සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් සුගීෂ්වර එම සිදුවීම හරියටම දන්නවාදැයි අප නොදන්නා නමුත් අප ඉතා වගකීමෙන් කියා සිටින්නේ ගෝඨා ඩුබායි බලා පිටත්ව ගෑමට ප්‍රථම ඇමෙරිකානු තානාපතිනිය ගෝඨාගේ නිවෙසට පැමිණ එම පණිවුඩය ලබාදුන් බවය. එහිදී ගෝඨා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් අයැදුම් කර තිබුණේද තමන්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම සඳහා පමණක් සංචාරක වීසා (විසිට් වීසා) ලබාදෙන ලෙසටය.
ග්‍රීන් කාඩ් යළි ඇප්ලයි කරලා!
කෙසේ වෙතත් මෙවර අප ගෝඨා සම්බන්ධයෙන් තවත් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය. ඒ, ගෝඨා ඩුබායි රාජ්‍යයේ සිටින අතරතුරදී නැවත වතාවක් ඇමෙරිකාවට යෑම සඳහා ග්‍රීන් කාඩ් ලොතරැයියට අයැදුම්පතක් ඉදිරිපත් කොට ඇති බවය. ඒ බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර දන්නවාදැයි කියන්න දන්නේ නැති නමුත් එවැන්නක් සිදුවූ බව අප මෙහිදී වගකීමෙන් යුතුව කියා සිටීමට සූදානම්ය. පවතින තත්ත්වය යටතේ එයද හිමිවේදැයි කියන්නට අප දන්නේ නැත.
උපුටා ගැනීම : mawratanews
