දළදා මාලිගාවට බෝම්බ ගහපු පුද්ගලයාව ළඟ තියාගෙන දළදාවට අපහාස කළේ යැයි සේපාල අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇතැයි බුද්ධිමය අරගලය සිවිල් සංවිධානයේ නායක චන්දන ප්‍රේමසිංහ මහතා පැවසීය.
මොකක්ද මේ වෙන්නේ මේ රටට? මේ රට ඉවරයි, මේ රටේ ජනතාවගේ අනාගතය අවිනිශ්චිතයි, දරුවන්ගේ අනාගතයට මිනී වළවල් කැපෙනවා. ඇයි දෙයියනේ මේ රටේ දේශපාලනඥයන්ට අවංක වෙන්න බැරි. ඇයි තවත් ජාවාරම්කාරයෝ වගේ, තිරිසන්නු වගේ හැසිරෙන්නේ. මේ සියලුම දේශපාලඥයෝ පුනරුත්ථාපනය කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.
දේශපාලන පක්ෂ බලය ගන්න හදන්නේ යහපත්, අවංක ක්‍රියාවන්ගෙන්ද? ජනතාව නොමඟ යවන සෙප්පඩ විජ්ජා පෙන්නලා. තිළිණි ප්‍රියමාලිව ගෙන්නනවා, එයා නටනවා, මාධ්‍ය තුළ. මාස ගණනක් නැටුවේ එයා. ඊට කලින් පාස්කු ප්‍රහාරයක් ගෙන ආවා. ඒ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් තවමත් නෑ. අපි දන්නේ නෑ කවුද කළේ කියලා. හැබැයි මේ රටේ අපේම සහෝදර ජනතාවකට වෙච්ච ඒ අලකලංචියට යුක්තිය ඉෂ්ඨ කරන්න ඕන. නැත්නම් මේ රටේ දේශපාලඥයන්ට ගැලවීමක් නෑ. දැන් ආගම් ප්‍රශ්නයක් ගෙනල්ලා. මේවා ඔක්කොම මාකටින්.
දළදා මාලිගාව බෞද්ධයන්ට උතුම් මුදුන් මල්කඩක්. හැබැයි එතනදී එක වචනයක් අල්ලගෙන තියෙනවා. දැන් අල්ලගෙන තියෙන්නේ ලබ්බ. ලබ්බ කියන්නේ ලම්භක කියන එකයි. ඕනම භාෂා විශාරදයකුගෙන් අහලා බලන්න. මේ රටේ කථා කරන්න ඔයිට වඩා මාතෘකා කොච්චර නම් තියෙනවාද?
