කොතෙක් උත්සාහ දැරූවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට අමෙරිකාවට ඇතුලුවීම සදහා වීසා ලබා නොදෙනු ඇති බවත්, ඒ හේතුවෙන් තවදුරටත් ඊට උත්සාහ නොකරන ලෙසත් අමෙරිකානු තානාපතිනිය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දැනුම් දීමට පියවර ගෙන ඇත.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා වාසය කරන නිල නිවෙසටම ගොස් වීම විශේෂත්වයකි.
පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් අමෙරිකානු තානාපතිනිය විසින් මෙම පණිවුඩය ලබා දෙන මොහොතේ හිටපු ජනාධිපතිවරයාගේ පුතා වන මනෝජ් රාජපක්ෂ මහතා ඇතුලු පවුලේ සියලු දෙනා සිට ඇති බවද දැනගන්නට ඇත.
මෙම පණිවුඩයෙන් ඔවුන් සියලු දෙනා වික්ෂිප්තභාවයට පත්ව ඇති බවද වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයා සහ පවුලේ ඥාතීන් ඩුබායි සංචාරයකට එක්ව ඇත්තේ ඉන් පසුව බවද දැනගන්නට තිබේ.
2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබිණ.
ඉකුත් ජුලි මාසයේ රටින් පලා යාමෙන් පසු ගෝඪාභය රාජපක්ෂ මහතා අවස්ථා ගණනාවකදීම අමෙරිකාවට යාමට වීසා ඉල්ලුම් කර තිබුණත් ඒ සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබිණ.

-mawratanews