පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඡන්ද පැවැත්වීමට මුදල් නැති බව කියමින් ඇතැම් පාර්ශ්වයන් ඡන්දය කල් දැමීම සදහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවට විපක්ෂයේ ප්‍රධානීන් වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මැතිවරණ පැවැත්වුවහොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නොමැති බවටත්, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වනු ඇති බවටත්, අවම වශයෙන් වී මිලදී ගත නොහැකි වනු ඇති බවටත්, යළි තෙල් ගෑස් පෝලිම් ඇතිවිය හැකි බවටත් පවසමින් මෙම ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බව විපක්ෂ ප්‍රධානීන්ට දැනගන්නට ලැබී තිබේ.
මේ සදහා කෝටි ගණන් මුදල් වැය කිරීමටත්, ප්‍රධාන පෙළේ පුවත්පත්, රූපවාහිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය උපයෝගී කොටගෙන මෙම ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමටත් සැලසුම් කොට ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේදී විපක්ෂයේ පක්ෂ නායකයන් විශේෂ සූම් රැස්වීමක් පවත්වා ඇති අතර මේ සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දැනගන්නට තිබේ.
එහිදී ආණ්ඩුවේ මෙම සැලසුම් රටට හෙළිදරව් කිරීමටත්, ඊට උඩගෙඩි දෙන පත්තර සහ රූපවාහිනී ආයතන පිළිබදව ඉදිරියේදී රටට විශේෂ හෙළිදරව්වක් කිරීමටත්, ඒවා පසුපස සිටින පිරිස් කව්රුන්ද යන්න හෙළිකිරීමටත් විපක්ෂයේ නියෝජිතයන් තීන්දු කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම අතීතයේදී මෙම පුවත්පත්වල සහ රූපවාහිනී නාළිකාවල කෙරුවාව සහ ඒවා හැසිරුණු ආකාරය පිළිබදව රටට හෙළිකිරීමටද එහිදී තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත.