gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් දිය හැක්කේ කොටස් වශයෙන්... ඒත් කවදාදැයි කියන්න බෑ - භාණ්ඩාගාරය මැතිවරණ කොමිසමට දැනුම් දෙයි

මැතිවරණය පැවැත්වීමට අදාල මුදල් ලබාදුනහොත් තවදුරටත් ආර්ථිකය හැකිලෙනු ඇති බව මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසමටත් සඳහන් කර තිබේ.

එම මැතිවරණය පවත්වන්නට මැතිවරණ කොමිසම ඉල්ලන මුදල ලබාදිය හැක්කේ එකවර නොව කොටස් වශයෙන් බව ද මහා භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇත.

මෙම දැනුම්දීම කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදීය.

එමෙන්ම මැතිවරණයට වෙන්කර ඇති මුදල ලබා දුනහොත් ජනතාවට ලබාදෙන සහන තවදුරටත් කප්පාදු කිරීමට සිදුවනු ඇති බවද පළාත් පාලන මන්ත්‍රීවරු 8000 කට අධික ප්‍රමාණයක් යළි පත් වෙද්දී ඔවුන් නඩත්තු කිරීමේ ගැටලුවක් පවතින බවද භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇත.

මැතිවරණ කොමිසම ඉල්ලන මුදල් එම මොහොතේම ලබා දිය නොහැකි බවත් දිය හැක්කේ කොටස් කිහිපයකටම වාරික වශයෙන් බවත් තව දුරටත් පෙන්වා දී ඇති අතර එසේ කොටස් වශයෙන් පවා මුදල් නිකුත් කරන කාල වකවානුව ද ස්ථිරව කිව නොහැකි බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පවසා ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka