මැතිවරණය කල් යයි? නව පනතත් සමග පිරිසක් අධිකරණයට!
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන් වූවද මැතිවරණය පැවැත්වීම කල් යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට හේතු වී ඇත්තේ මැතිවරණ පැවැත්වීමට අලුත් නම් අලුතින් සම්මත කරන ලද මැතිවරණ වියදම් නියාමන පනත් පනත අනුව රෙගුලාසි සකස් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවීමයි.
අදාල පනත පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර කථානායකවරයාගේ අත්සන යෙදීමෙන් පසු එය මේ වනවිට නීතියක් බවට පත් වී තිබේ.
එම නව පනත පදනම කරගනිමින් මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා මේ සතියේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
මැතිවරණය කල් යයි? නව පනතත් සමග පිරිසක් අධිකරණයට!
2023-01-21T16:29:00+05:30
Lanka Hot News






