ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු නාගරික මන්ත්‍රිවරු 07 දෙනකු මෙවර ගාල්ල මහනගර සභාව සඳහා එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් වන එම්.එස්.ඒ. රත්නපාල, සුසන්ත කරුණාරත්න, පාලිත බමුණුකුල, සුගත් ද සිල්වා, නිහාල් මහවිතාන, එම්. ඊයාස් යන මන්ත්‍රිවරු හා මාලා මංගලිකා මන්ත්‍රීවරිය එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාරදී ඇත.
ගාල්ල මහනගර සභාව සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 13 දෙනෙකු තේරී පත් වූහ. එම මන්ත්‍රීවරු අතරින් කැළුම සෙනෙවිරත්න හා පරාක්‍රම දහනායක මෙවර මැතිවරණය ස`දහා ඉදිරිපත් වී නොමැති අතර, චන්දනලාල් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයෙන් සහ ශ්‍රියාණි අබේගුණසේකර සහ නදීකා යන මන්ත්‍රීවරියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදිති.
මෙවර ගාල්ල මහනගර සභාව ස`දහා පිළිගත් දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා පත්‍ර 11ක් භාර දී තිබිණි.
lankasara