gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කංචන-ජනක යුද්ධය ඇරඹෙයි! ‌අයින් කරන්න ‌චෝදනා පත්‍රය සකස් කළා -කංචන! මූණ දෙන්න මම සූදානම් -ජනක

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එයට අදාළ නීතිමය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු හා ඔහුව ඉවත් කිරීම සඳහා වු චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර තියෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුදෙනා මේ සඳහා එකඟත්වය පළ කර තියෙනවා. මොකද තමන්ගේ තනි මතය, මම මින් ඉදිරියට කියන්නේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ජනක රත්නායකගේ තනිමතයට තමා පහුගිය කාලය පුරා මේ කටයුතු කරලා තියෙන්නේ. ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේත්තු කරමින් මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුත් නෙමෙයි මහජන උපයෝගීතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරීනුත් නොමඟ යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩකටයුතු කරමින් මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවයට පත්කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ වෙනුවෙන් කටයුතු ආකාරය පිළිබඳ.”

මේ අතර තමන්ට එරෙහිව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන චෝදනා පත්‍රයට මුහුණදීමට තමා අපේක්ෂාවෙන් පසුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka