මැතිවරණය කල් දැමීමේ යෝජනාව සකස් කෙරේ…
දැනට දින නියම කරගත් නාම යෝජනා භාර ගෙන ඇති පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා වන යෝජනාවක් රජය විසින් සකස් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව දැනට මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග වන නඩුවේ මීළඟ නඩු වාරයට එම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයිද වාර්තා වේ.
එළැඹෙන පෙබරවාරි 10 වැනිදා මෙම නඩුවේ ඊළඟ නඩුවාරය යෙදී තිබේ.
මැතිවරණයට අවශ්‍ය මුදල් සම්පාදනයේ අපහසුතාව, ආරක්ෂාව ලබා දීම සදහා පොලිසියට ඇති අපහසුතා, ඉන්ධන හා විදුලිය සැපයීමේ අපහසුතා සහ මැතිවරණ වියදම් පාලන පනතේ රෙගුලාසි ද විධිමත්ව සකස් නොවීම ඇතුළු කාරණා රාශියක් මැතිවරණය කල් දැමීමට අදාළ යෝජනාවේ වන හේතු ලෙස දක්වා ඇතැයි ද වාර්තා වේ.
අදාළ යෝජනාව විවෘත අධිකරණයේ දී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර කොමිසමේද එකඟතාවයෙන් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දැමීමට අදහස් කර සිටින බව ද සදහන්ය.
-lankacnews
මැතිවරණය කල් දැමීමේ යෝජනාව සකස් කෙරේ…
2023-01-29T14:37:00+05:30
Gossip Lanka Hot News






