gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධනුෂ්කට තවත් බාල්දියක් පෙරළෙයි! මේ සැරේ නම් ගොඩ එන්නම බැරි වෙයි!

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වෙමින් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයාට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට හෝ වෙනත් ක්‍රීඩාවකට සහභාගි වීම වළක්වමින් ඔහුට සම්පූර්ණ තහනමක් පනවන ලෙසද නීතිපතිවරයා අමාත්‍ය රොෂාන් රණසිංහට උපදෙස් දී තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාවේ අන්තර්ගතය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා මෙම ලීපිය නිකුත් කොට ඇති බව පැවසේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබේ.

එමෙන්ම මෙම සංචාරයේ දී විනය විරෝධී ක්‍රියාවල නිරත වූ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් පිටු දෙකක ලිපියක් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහගේ අත්සනින් යුතුව සිකුරාදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka