gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවර රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර නවතී!

මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන්ට එම ප්‍රතිකාරය ලබා දීම පසුගිය නොවැම්බර් 14 වෙනිදා සිට නතර වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙයට හේතුව වී ඇත්තේ විකිරණ ප්‍රතිකාරයන් ලබා දෙන Elekta Synergy සහ Elekta Compact යන යන්ත්‍ර පිහිටා ඇති ගොඩනැගිල්ලේ සිසිලන පද්ධතියේ ඇතිවුණ දෝෂයක් හේතුවෙන් යැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම නවීන යන්ත්‍ර වලට සුවිශේෂී සිසිලන සහ වායුසමීකරණ පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය කාරණාවක් වන අතර එම සිසිලන පද්ධතියේ බිඳවැටීම මගින් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සිදුකිරීමට නොහැකි බවද පැවසේ
මෙහි බරපතලම කාරණ වන්නේ ඉහත සිසිලන පද්ධතිය කැලණියේ පිහිටි යුනයිටඩ් ඉලෙට්‍රිකල් ඉංජිනේරිං නැමති සමාගමක් මගින් ඉන්දියාවෙන් ආනයනය කර ඇති නමුත් සෞඛ්‍ය අමාතයංශය මගින් මේ සදහා කිසිදු නඩත්තු ගිවිසුමකට කිසිම පාර්ශවයක් සමග එලඹී නැති බව යැයි වාර්තා වේ.

මෙම යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරිමට නොහැකි වීම හේතුවෙන් දෙනිකව ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන් 150ට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.
-ශ්‍රියානි විජේසිංහ
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka