මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන කාරණාවක් වී ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා පොහොට්ටුව ලහිලහියේම දිස්ත්‍රික් මට්ටමින් ඇප තැන්පත් කිරීමට කටයුතු කළේ කුමන හේතුවක් මතදැයි කියාය.
බොහෝ දෙනකු මෙය ප්‍රචාරක උපක්‍රමයක් ලෙස කරන දෙයක් බව සිතා සිටියද මෙසේ දිස්ත්‍රික් මට්ටමින් වහාම ඇප තැන්පත් කිරීම පසුපස කිසිවෙක් නොදන්නා කාරණාවක්ද තිබේ. ඒ, බැසිල් උපක්‍රමයක් ලෙස මෙසේ ඇප තැන්පත් කිරීම මීට පෙර අත්හදා බලා තිබීම නිසාය.
2019 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පොහොට්ටුව යටතේ සන්ධානගතව සිටි විමල් ඇතුළු පාර්ශ්ව කිහිපයක් 2019 මහ මැතිවරණය අලුත් සන්ධානයකින් තරග වැදිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කර තිබිණි. විමල්ලා එය ගෝඨාට ඉදිරිපත් කර, ගෝඨාගේ අනුමැතියද ඊට ලබාගැනීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව විමල්ලා ගේ අදහස ගෝඨා හරහා පොහොට්ටුවට පැමිණීමට නියමිතව ඇති බව දැන සිටි බැසිල් වහාම කළේ මැතිවරණය කැඳවීමත් සමග පොහොට්ටුව යටතේ සියලු දිස්ත්‍රික්කවලට ලහි ලහියේ ඇප තැන්පත් කිරීමය. ඒ අනුව විමල්ලා 2019දී ගහන්නට ගිය ගේම විමල්ලාගේම අතේ පත්තු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම ප්‍රයෝගයෙන් සියල්ලන්ටම තරග කිරීමට සිදුවූයේ බැසිල්ගේ පොහොට්ටුව යටතේය.
අද පොහොට්ටුවට ඉල්ලුමක් නෑ!

නමුත් එදා පොහොට්ටුවට ජනතාවගෙන් විශාල ඉල්ලීමක් තිබුණද මෙදා පොහොට්ටුවට එවැනි විශාල ඉල්ලුමක් ඇති බවක් දැකගන්නට නැත. පොහොට්ටුව මෙවර තරග වැදීමට සූදානම් වන්නේ කෙසේ හෝ තම පක්ෂයේ ජාම බේරාගැනීමේ අරමුණෙන් යුතුවය. අනෙක් අතට මේ වන විට අපේක්ෂකයන් රැසක් පොහොට්ටුවෙන් ඡන්දය නොඉල්ලන ස්ථාවරයක සිටින ආකාරයක්ද දැකගන්නට තිබේ. අපේක්ෂක ලැයිස්තුව සකස් කරද්දී පොහොට්ටුවේ ප්‍රධානීන්ට මේ බව පැහැදිලිවම දැකගන්නට ලැබී තිබිණි. බැසිල් මෙවරත් වහාම ගොස් ඇප තැන්පත් කරනු ලැබුවේ එම ගැටලුවෙන් අත්මිදීමේ උපක්‍රමයක් ලෙසටය.
- mawratanews