මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතක් එළඹෙන 18වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් මෙම පනත 19 වන දා සාකච්ඡාවට ගැනීමටත් දැනට ප්‍රකාශයට පත්කර ඇති මැතිවරණයට බලපාන නොපාන ලෙස සංශෝධනය කිරීමටත් එසේත් නැතහොත් කාරක සභා අවස්ථාවේ ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් සභානායකවරයා එකඟ වුවද ජවිපෙ නායකයා කියා සිටියේය.
ඒ අනුව පළාත්පාලන මැතිවරණය පාර්ලිමේන්තුව හරහා කල් දැමිය හැකි අවසන් අවස්ථාවද පසු වී ඇති බවට විශ්වාස කල හැකි යයි හෙතෙම කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව පළාත්පාලන මැතිවරණය පාර්ලිමේන්තුව හරහා කල් දැමිය හැකි අවසන් අවස්ථාවද පසු වී ඇති බවට විශ්වාස කල හැකි යයි හෙතෙම කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
