gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කැනඩාවට ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය... කොළඹ කැනඩා තානාපති විදේශ අමාත්‍යංශයට කැදවයි!

කොළඹ සිටින කැනඩා මහකොමසාරිස් වරයා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්තුරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පැනවීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා මෙම කැඳවීම කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝටාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහතවරුන්ටත් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයටද කැනඩාව විසින් සම්බාධක ක‍්‍රියාත්මක කර ඇත්තේ පසුගිය යුද සමයේ සිදු කළ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අදාළවයි.

ඔවුන්ගේ නමින් කැනඩාවේ ඇති වත්කම් අත්හිටුවන ලබන බවත් කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් කැනඩා විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka