gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාම යෝජනා කැඳවද්දි මැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක්!

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළ කර දින 14කට පසු නාමයෝජනා බාර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. නාම යෝජනා බාර ගැනීම සඳහා දින තුන තුනහමාරක කාලයක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර 2023 මාර්තු මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම කර්නල් (විශ්‍රාමික) ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පෙරේදා (02) ගොනු කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලැබුණු තොරතුරු මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10කට අධික මුදලක් වැය වන බවත්, රාජ්‍ය ආදායම සහ ණය ගැනීමේ හැකියාව අනුව එම මුදල් නිදහස් කරන බව ත්, මැතිවරණයක් පැවැත්වීම තුළින් ආර්ථික අර්බුදය ව්‍යසනකාරී විය හැකි බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ලබාගැනීමේ නොහැකියාව හේතුවෙන් එවැනි කටයුත්තක් සඳහා මුදල් මුද්‍රණය කළහොත් එමගින් තවදුරටත් උද්ධමනය ඉහළ යන අතර ආර්ථික කඩාවැටීමක් සිදුවිය හැකි බව ද පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් සිවුදෙනා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සම ගොනු කිරීමට කටයුතු කර තිබේ. ඊට අදාළ සියලු ලේඛන ද පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිසමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් පිරිසක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, එම්.ඒ. සුමන්තිරන්, රංජිත් මද්දුමබණ්ඩාර සහ ජී.එල්. පීරිස් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබිණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka