gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලි නොදුන්නොත් පුංචි ඡන්දය නෑ - මැතිවරණ කොමිසම

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය කරන මුදල් රජයෙන් නොලැබුණහොත් එම මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.

එම කොමිසමේ සභාපතිවරයා තම පාර්ශ්වය සමඟ පැවති සාකච්ඡාවක දී මෙසේ පැවසූ බව ජාතික ජන බලවේගය සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පැවැසීය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග තම පක්ෂය මැතිවරණය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එවිට එහිදී මේ බව සඳහන් කළ බවත් හෙතෙම කියා සිටියේය.

පසුගිය අයවැයෙන්ද මැතිවරණයට මුදල් ලබාදීම පිළිබඳව යෝජනාවක් කළ යුතු නමුත් ඒ කිසිදු අවස්ථාවක එවැනි යෝජනාවක් කර නොමැති බැවින් මෙම ඡන්දය කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට සිදුව තිබෙන බවද ඔහු පැවසීය.

කොමිසමේ සභාපතිවරයාගෙන් විමසූ ඇතැම් ප්‍රශ්න වලට ඔහුගෙන් නිසි පිළිතුරු නොලැබුණු බවද වටගල මහතා තව දුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka