gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළඹ විශ්වවිද්‍යාලයට ආ රනිල්ට සිසුන් එක දිගට හූ තියයි! (VIDEO)

නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට අද (10) පෙරවරුවේ සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීය.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කෙසේවෙතත් මෙහිදී ජනාධිපතිවරයා නීති පීඨයෙන් නික්ම යද්දී සිසුන් එක දිගට නොනවත්වා හූ තබන ආකාරයක් දැකගත හැකිවිය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka