gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක්!

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට සැර ලිපියක් යොමු කර තිබෙනවා. 
කෙසේ වෙතත් එම සිද්ධි සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පනවා ඇති බැවින් විටින් විට ඒ සම්බන්ධයෙන් විමසීමෙන් ක්‍රීඩකයාගේ අනාගතයට හානියක් වන බව ද වික්‍රමසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

එම ලිපියෙන් ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න තෝරා නො ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එහි දී තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කරන්නේ චාමික කණ්ඩායමට ඇතුළු කර ගැනීමට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් දැඩි අකමැත්තක් දැක් වූ බව යි.

මෙහි දී තෝරා ගැනීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා අතරතුර චාමික කරුණාරත්න පිළිබඳ ව සිදුකෙරුණු සාකච්ඡාවේ දී, ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ‍ප්‍රධාන පුහුණුකරු දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

මේ ලිපියේ සඳහන් වන ආකාරයට ප්‍රධාන පුහුණුකරු චාමික කරුණාරත්න සම්බන්ධ සිදුවීම් කිහිපයක් ම සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නැවත කණ්ඩායමට එකතු කර ගැනීමට නම් පළමුව පුහුණුකරුගේ විශ්වාසය දිනාගත යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka