gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලොන්නරුවෙන් ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්ත්‍රීවරුන්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

වසර හතළිහකට අධික කාලයක් මෙරට සමස්ත ගොවි පරපුරට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අහෝසිකර එහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැවරීමට රජය මෙම අයවැය යෝජනා හරහා ක්‍රියා කළහොත් රටේ බහුතර ජනතාවක් විශාල ගැටලුවකට මුහුණදී එය ජනවාර්ගික අර්බුදයක් දක්වා දුරදිග යෑමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සදහන් කළහ.

ඊට සහභාගීවූ ගොවි නියෝජිතවරු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම ජනතා නියෝජිතයෙකුට ඊලඟ මැතිවරණයේ දී තමන්ගේ සහාය නොලැබෙන බවය.

වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී මහවැලි බී කලාපයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේලාල සහ ගොවි නියෝජිතයන් එක්ව මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේය.

එහිදී දිඹුලාගල රාහුලාලංකාර හිමියන් පෙන්වා දුන්නේ රටේ පාලකයන් හිටිහැටියේ ගන්නා අත්තනෝමතික තීන්දු තීරණ නිසා ජනතාව අන්ත අසරණ වන බවත්ල මහවැලි ඉඩම් අර්බුදයේදී කාබනික පොහොර අර්බුදයට බහුතර ගොවිජනතාවක් මහපාරට බැස විවිධ උද්ඝෝෂණ විරෝධතා සිදුකළා සේල මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට කටයුතු කළහොත් මහවැලි බී කලාපයේ ගොවීන් මෙන්ම අනෙකුත් කලාපවල ගොවීන් විශාල පිරිසක් ද එක්ව ඊට එරෙහිව මහපාරට බැස උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවත්ය.

රාහුලාලංකාර නාහිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.

ර්‍ණමහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට පෙර විශාල වැඩ කටයුත්තක් ඉටු කිරීමට තිබෙනවාග මෙම ගැටළුවේදී දේශසීමා ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුලුවන්.

විශේෂයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරුඔය ව්‍යාපාරයට යටතේ දකුණු ඉවුර සංවර්ධන කරන මොහොතක මෙහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැවරීමට සිදු වුවහොත් අනිවාර්යෙන්මල මඩකලපුවල පොළොන්නරුවල අම්පාර දිස්ත්‍රික්කවල සිටින විවිධ ජාතීන් අතර ජනවාර්ගික අර්බුදයක් හටගන්නවා.

මේ තත්ත්වය තුළ එළඹෙන 8 වෙනිදාට පාර්ලීමේන්තු කාරක සභාවේදී මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමේ යෝජනාව වහාම හකුලා ගන්නා ලෙස දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව හැටියටත්ල සමස්ත මහවැලි කලාප 10ම ගොවි නියෝජිතයින් මෙන්ම ගොවිජනතාව වෙනුවෙනුත් ජනාධිපතිවරයාගෙන්ල අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමති ඇමැතිවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවාග ර්‍ණ නාහිමියෝ සඳහන් කළහ.

මෙහිදී මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කළේල ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ගොවි ජනතාව ට විසඳාගත යුතු ඉඩම් පිළිබද ගැටලු විශාල ප්‍රමාණයක් පවතින බවත්ල එම් ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට ක්‍රියා කළහොත් මහවැලි කලාප 10 ක ගොවි ජනතාව බරපතල අර්බුදයකට වැටෙන බවත්.

එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී කාරක සභාවට ගැනීමට නියමිත යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඉදිරියේදී මැතිවරණවලදී තම ගොවි ජනතාවගේ සහාය ලබානොදෙන බවද එම ගොවි නියෝජිතවරු පැවසූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka